microsoft සමාගම windows 9 අත්හැර windows 10 නිකුත් කරයි!!


වින්ඩෝස් 8 එලි දැක්වූවාට පස්සෙ අපි හැමෝම හිතුවෙ ඊළඟට එන වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 9 වෙයි කියල.ඒත් අපි නොහිතපු විදිහට ඊලඟ වින්ඩෝස් සංස්කරණය මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 10 කියල නම් කරල තියනව.මෙයට හේතුවක් විදිහට දක්වලා තිබෙන්නෙ මේ වින්ඩෝස් සංස්කරණය අද්විතීය එකක් වෙන නිසයි.ඊයේ (සැප්තැම්බර් 30) තිබුන විශේෂ සමුළුවකදී තමයි මයික්‍රොසොෆ්ට් සමාගම මේ ගැන මුලින්ම හෙලි කලේ.ඒ අනුව අද සිට (ඔක්තෝම්බර් 1) අපි windows 10 වල ලැප්ටොප් හා ඩෙක්ස්ටොප් සඳහා වෙන technical preview එක අත්හදා බලන්න අවස්ථාව ලැබෙනවා.නමුත් මේ technical preview එක අපිට එදිනෙදා භාවිතා කරන්න නම් සුදුසු නෑ.මොකද මේකෙ තවමත් දෝශ බොහෝමයක් තියනවා.2015 වර්ෂයේ මුල් බාගයේදී පාරිභොගිකයින් සඳහා winows 10 නිකුත් කරන බව තමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ terry myerson මහත්මයා සඳහන් කරල තියෙන්නෙ.තවම මෙහි මිල ගණන් පිලිබඳව න සටහනක් නෑ.සියලුම වින්ඩෝස් device සඳහා ගැලපෙන විදිහට මෙය නිපදවලා තිබෙන බවටයි ආරංචිය.
වින්ඩෝස් 10 වල start එක touch හා mouse යන දෙකටම ගැලපෙන විදිහට සකසලා තිබෙනවා ඒ චායාරූප පහලින් බලාගන්න පුලුවන්.වින්ඩෝස් 10 වල චායාරූප පහලින් ඔබට බලාගන්න පුලුවන්.





මෙන්න වීඩීයෝ එක ..


අදට සමුගන්නම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු!
Update: windows 10 technical preview ඔබට මෙතනින් භාගත කරගත හැක.

Unknown

About Unknown

Web Potha Owner , Graphic Design And Photo Editing , Computer Repair And Service , Web Design.

බ්ලොග් පෝස්ට් ගෙන්න ගන්න :